Published
වැල්ලවාය නගරයේ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.
අලුත් අවුරුදු උත්සව සමයේ පමණක් වෙළඳාමේ නිරත වෙළදුන් පිරිසක් තමන් අළෙවි කිරීම සදහා රැගෙන ආ වළං ද බිද දමා එහිදී සිය විරෝධය පළ කළා.
කෙසේවෙතත් එම විරෝධතා නොතැකූ වැල්ලවාය ප්රාදේශීය සභා නිලධාරීන් අදාළ වෙළදුන් එම ස්ථානයෙන් ඉවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ද එම ස්ථානයට කැදවා තිබෙනවා.









