පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් අද ප්‍රශ්න කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාම ඉදිරියේදී ප්‍රතිචාර දක්වනු ඇති
මේ අතර, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධි විධානය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, 2016 ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය.
තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය.
රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.
වශයෙන් සංශෝධනය කිරීමට නියමිතයි.




