Published
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට මාළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී කාලගුණය යහපත් අතට පතිවීමත් සමග ක්‍රමානුකූලව මාළු මිල ගණන් අඩුවනු ඇති බවයි.
මේ අතර වෙළඳපොළ තුළ මාළු සහ එළවළු මිල ඉහළ යාමත් සමග කුකුල් මස් සහ බිත්තර සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ ඊට සාපේක්ෂව කුකුල් මස් සහ බිත්තරවල මිල ගණන් ද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.