උදාවූ 2026 නව වසරේ යහපත ප්‍රාර්ථනා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව අද නව වසරේ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්.

දිවයිනේ ප්‍රධාන බෞද්ධාගමික ස්ථාන මෙන්ම අනෙකුත් ආගමික ස්ථානවලටද අද පෙරවරුවේ සිට විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අද උදෑසන සිටම සැදැහැවතුන්ගෙන් පිරී පවතින බව මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවා.

ජයශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සැය ඇතුළු අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමටද අද අලුයම සිට සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරු තිසර සමල් පැවසුවා.

වතුකරයේ ජනතාව රතිඤ්ඤා දැල්වීමෙන් තොරව ආගමික වතාවත් සිදුකරමින් නව වසර අරඹා තිබෙනවා.

ශ්‍රීපාද පුදබිමේද රටට සෙත් පතා විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වුණා.

ඒ පිළිබද තොරතුරු හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්‍ෂගෙන්.

කතරගම පුදබිමද ඊයේ රාත්‍රියේ සිට සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු එන් කේ නන්දසේන පැවසුවේ.

උතුරු පළාතේ ජනතාව නව වසර පිළිගත් ආකාරය පිළිබද මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසුරියගෙන්.