ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්මේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්තමක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය මගින්.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව මගින් පත් කල අනු කමිටුවක් මගින් ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යෝජනා කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11 ක් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බවයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්මේ අමාත්‍යංශය සඳහන් කලේ.
ආබාධ සහිත තැනැත්තන්ල ශ්‍රවනාබාධ සහිත තැනැත්තන්ල දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ල චලනාබාධ සහිත තැනැත්තන්ල බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තන්ල මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තන්ල කථනාබාධ සහිත තැනැත්තන් යන යෙදුම් එලෙස හදුන්වා දී තිබෙනවා.
බහු ආබාධ සහිත තැනැත්තන්ල ආබාධ සහිත කාන්වතාවන්ල ආබාධ සහිත ළමුන් සහ මිහිමිත් තැනැත්තතා යන යෙදුම්ද එලෙස හදුන්වා දී ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්මේ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.




