ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සින් 70kg බර පන්තියේ මූලික වටයේ තරඟයකින් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලහිරු චන්ද්‍රබණ්ඩාර අද සමත් වුණා.

ඔහු මෙම ජය ලැබූයේ යේමන් ක්‍රීඩක සයිඩ් මුෂ්ටාෆා පරාජය කරමින්.

තරගයේ අවසන් ලකුණු සංඛ්‍යාව 4 - 1ක් ලෙස සටහන් වුණා.

ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි - නගොයාහි දී පැවැත්වෙනවා.