ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීම කාන්තා කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ උපමාලිකා රවිහාරි අද සමත් වුණා.
ඇය මෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ A කාණ්ඩයේ අවසන් තරඟයේදී Clean and Jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 91ක බරක් ඔසවමින්.
Snatch ක්‍රමයට ඇය ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 70ක්. ඒ අනුව උපමාලිකා රවිහාරී මෙහිදී ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 161ක්.
මෙම දක්ෂතාවත් සමග ඇයට තරගයේ 7වන ස්ථානය හිමිවුණා.
මෙම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ කොරියානු ක්‍රිඩිකා රී සෝන්ග් ගුම් විසින්.
ඇය Snatch ක්‍රමයට කිලෝ ග්‍රෑම් 94ක්ද Clean and Jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 121 ද ලෙස මුළු බර කිලෝ ග්‍රෑම් 215ක් ඔසවනු ලැබුවා.
තරගයේ රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ මිරාබි චානු ක්‍රිඩිකාවයි.
ඉඳුනිසියාවේ විජයානා ලුලූක් ඩයනා තරගයේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සින් පිරිමි කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ මූලික වටයේ තරගයකින් ශ්‍රී ලංකාවේ රවිදු ජයනාත් අද ජය හිමි කර ගත්තා.
ඒ, කාම්බෝජියානු ක්‍රීඩකයෙකු පරාජය කරමින්.
තරගයේ අවසන් ලකුණු සටහන වූයේ 3ට 2ක්.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ ටේබල් ටෙනිස් කාන්තා ඒකල මූලික වටයේ තරඟයකදී ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර අද ජය ලැබුවා.
ඒ කසකස්ථාන ක්‍රීඩිකාවක පරාජය කරමින්.
තරඟයේ පළමු වට තුනම ජයගැනීමට බිමන්දි බණ්ඩාර සමත් වුණා.
ඒ 11ට 4ක්, 11ට 9ක් සහ 11ට 2ක් ලෙසයි. හතරවෙනි වටය ලකුණු 9ට 11ක් ලෙස ජය ගැනීමට කසකස්ථාන ක්රිඩිකාව සමත් වුණා.
එහෙත් පස්වන වටයේ දී නැවත විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බිමන්දි බණ්ඩාර ලකුණු 11ට 4ක් ලෙස එම තරග වටය ද ජය ගත්තා.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සින් පිරිමි කිලෝ ග්‍රෑම් 80 බර පන්තියේ මූලික වටයේ තරගයකින් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මොහොමඩ් උසේයිත් අද සමත් වුණා.
ඔහු මෙම ජය හිමි කර ගත්තේ කාම්බෝජියානු ක්‍රිඩකයෙකු පරාජය කරමින්.
තරගයේ අවසන් ලකුණු සංඛ්‍යාව 4ට 1ක් ලෙස සටහන් වුණා.




