බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු අතුළු පාසල් සිසුන් 37 දෙනකු අද(05) උදෑසන රෝහල්ගත කොට ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පාසල් කාලය අතරතුරදී විදුහලේ ගොඩනැගිල්ලක් තුළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් බඹරුන් දෂ්ඨ කොට ඇති බව පොලිසිය සඳහන් කළා.

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසු සිසුවියන් පිරිස ප්‍රදේශවාසීන් සමඟ ඒක්ව කිලිනොච්චිය දිසා රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පැවසුවා.

පොලිසිය පැවසූවේ මේ වන විට බඹරුන් දෂ්ඨ කළ සිසුන්ගේ හෝ ගුරුවරුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවත් බොහෝ පිරිසක් කිලිනොච්චිය දිසා රෝහලෙන් ප්‍රථිකාර ලබා පිටවගොස් ඇති බව සදහාන් වනවා.

පාසල අවට තවදුරටත් තිබෙන බඹර කූඩු කිලිනොච්චිය ආපදා කළමනාකරන ඒ්කකය , යුද හමුදාව සමඟ එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බවත් කිලිනොච්චිය පොලිසිය පවසා තිබෙනවා.