Published
2025 වසරේදී අපේක්ෂිත ආර්ථික ඉලක්ක බොහොමයක් සම්පූර්ණ කරගැනීමට හැකි වී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ බදු ආදායමේ ඉලක්ක සපුරා ගැනීම ඒ අතරින් ප්‍රධාන බවයි.
සංචාරකයින්ගේ පැමිණීම හා අපනයන ආදායම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.
රාජ්‍ය අංශය සඳහා අලුතෙන් 72,000ක් බඳවා ගන්නා බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.


