ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ ලැබූ වර්ෂය මෙන්ම ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස ගෙවී ගිය 2025 වසර වාර්තා අතරට එක් කර ගැනීමට හැකිවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
පසුගිය වසර තුළ විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 7.8න් පමණ වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2025 වසරේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස පසුගිය වසර ඉතිහාසයට එක් කිරීමට හැකිවනුයේ සිය අමාත්‍යංශයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ හේතුවෙන් බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.
සමස්තයක් ලෙස විදේශ ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්රයෙන් පසුගිය වසරේදී ඩොලර් බිලියන 11ක ආදායමක් උපයා ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.




