2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා බංග්ලාදේශය, ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පකිස්ථානයෙන්ද සහය ඉල්ලා තිබෙනවා.
ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති පසුබිමකයි.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යවමින් බංග්ලාදේශය ඉල්ලා ඇත්තේ කලාපයේ පවතින දේශපාලන කැලඹිලි ස්වභාවය හේතුවෙන් සිය ස්ථාවරයට සහාය දක්වන ලෙසයි.
ඉන්දියාවේ ආරක්ෂක ගැටළු හේතුවෙන් බංග්ලාදේශයේ තරඟ ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලිම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සලකා බැලීමට නියමිතයි.
එවන් පසුබිමක බංග්ලාදේශයේ ස්ථාවරයට සහය දක්වමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමු කර ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
2026 ෂඡඛ තරඟාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් බංග්ලාදේශයේ මුස්තාෆිසුර් රහුමාන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය උපදෙස් දීමත් සමඟ මෙම අර්බුදය මතු වුණා.




