Published
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි මස පස්වන දින මධ්‍යම රාත්‍රී 12:00සිට සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවත්වා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කල නිවේදනය පහතින්





