ඉන්ධන මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව සුදුස්සන්ට අතිමහත් බහුතරයට ඉන්ධන සහනය ලබා දිය යුතු බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට උග්‍ර පොහොසතුන්ට ඉන්ධන සහනාධාරය අවශ්‍ය නොවන බවත් මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා ඉන්ධන සහනාධාරය ලබා දෙන්න රජය මුල පිරිය යුතුය බවත් අප රටේ ඇති රජය වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කර ඇති නිසා දැන්වත් මැතිවරණ පොරොන්දුවක් වූ ඉන්ධනමිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමින්.

දූෂිත ගල් අගුරු ගණුදෙනුවේ පාඩුව ජනතාව කරපිට පටවන්න රජය සූදානම් වනවා.

මාර්තු 22 වැනිදාද නොරොච්චොල බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 180ක් අඩුවෙන් නිෂ්පාදනය වී ඇති බවත් මෙයට හේතුව ගුණාත්මකභාවයෙන් අඩු බාල ගල් අගුරු යෙදවීම බවත් අන්ත දූෂිත වංචාකාරී ප්‍රෝඩාකාරී ක්‍රියාවට මේ රජය නායකත්වය ලබා දි ඇති බවත් මේ සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

අඩු විදුලියක් උත්පාදනය කිරිම නිසා මහජන උපයෝගීතා කොමිසමට අනුව ඉදිරි මාසවල විදුලි කප්පාදුවක් සිදුවන බවත් එයට හේතුව බලාගාර ගණනාවක් නඩත්තු කටයුතු සඳහා වසා දැමීම බවත් මේ දූෂිත ගල් අගුරු ගණුදෙනුව නිසා සහ බාල ගල් අගුරු යෙදවීම නිසා මෙසේ උත්පාදනය කළ නොහැකි හිඟ විදුලිය ඉන්ධන බලාගාර හරහා නිපදවීම නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමත් මෙසේ සිදුවන පාඩුව හා අලාභාය ගෙවීමට සිදු වන්නේ විදුලි පාරිභෝගිකායට බවත් මේ පාඩුව විදුලි පාරිභෝගිකායට ගෙවිමට සිදුවන බවත් මේ තුළින් තවත් පැහැදිලි වන්නේ ගල් අගුරු බලාගාරයේ බාල ගල් අගුරු යෙදවීම නිසා සිදුවන පාඩුව 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අලාභය පියවා ගැනීමට කටයුතු කිරිමම අන්ත දූෂිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඉන්ධන් මිල ඉහළ දැමීම නිසා ආර්ථිකය කඩා වැටෙනවා මේ මොහොත වන විට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා රටේම ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බවත් රජය මැතිවරණ සමයේ වූ පොරොන්දු දැන්වත් ඉටු කළ යුතු බවත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙන බවත් ඉන්ධන් සදහා අය කරන බදු ඉවත් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත් කොමිස් මුදල් වැට් බදු අධිභාර බදු රේගු ආනයන බදු ආදිය ඉවත් කිරීම මැතිවරණ පොරොන්දුවක් නිසා ඒවා ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදලින් ජනතාව සහන දෙන්න තෙල් මිල ඉහළ යාම නිසා සෑම ක්ෂේත්‍රයක්ම මේ වන විට කඩා වැටෙමින් පීඩනයට ලක්ව ඇති බවත් රජයේ ප්‍රතිපත්තිය ආර්ථික සංකෝචනය කිරීමේ ප්‍රතිපත්ති වීම රටට හනිදායක බවත් රටේ ජනතාව ජිවත් වීමට නම් ආර්ථිකය වර්ධනය විය යුතයි.

ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකටම බලපාන ඉන්ධන මිල නිසි පරිදි කළමනාකරණය කරන්න රජය සහයෝගය දිය යුතු බවත් ට්‍රිලියන ගණනාවක් ඉතිරි කර ඇති බව පැවසූ නිසා දැන්වත් මේ මුදල් උපයෝගී කර ගෙන තෙල් මිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා. රජයට මේ වගකීම්වලින් පැනල යන්න බැහැ අදටත් ගොවියාට ධිවරයාට කර්මාන්තකරුවන්ට සිය කටයුතු සිදු කර ගෙන යාමට අවශ්‍ය පැහැදිලි ප්‍රතිපත්තියක් රජය සකස් කර නොමැති බවත් රජයේ දුර්වලතාව අකාර්යක්ෂමතාව මත සමාජය කඩා දැමීමට ඉඩ දිය නොහැකි බවත් ලක්ෂ 220 ජනතාවගේ ජිවත් වීමේ අයිතිය රජය බාරගත යුතු බවත් විපක්ෂය ලෙස මේ ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරිම වගකීමක් නිසා රජයට මේ වගකීම්වලින් පැන යන්න විපක්ෂය ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි කියාසිටියා.