ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය අද අලුයම ඊශ්‍රායලයේ ටෙල්අවීව් අගනුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා. ඊශ්‍රායලයයේ හමුදා කඳවුරු සහ ගුවන් තොටුපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඊශ්‍රායල අගනුවර ටෙල්අවීව්හි අහස කළු දුමාරයකින් වැසී තිබුණු බවත් ජෙරුසලමේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් එම වාර්තාවල දැක්වෙනවා.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පවත්නා තත්ත්වය අනුව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව කෙබඳුඳ? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර සියල්ලම පාහේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ එරට ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මැඩපැවැත්වූ බවයි.
පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය ඉක්මවා ගියහොත් ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පහසුකම් සලසාදී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ.
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.