වහාම ක්‍රියාත්මක වනපරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ස්ථාන මාරු කර ඇත්තේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

මේ අතර ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයට ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතා මොනරාගල කොට්ඨාසයේ සිට ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයට මාරුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.