දේශීය වෙළදපොළ තුළ ෆාම් ඔයිල් ඇතුළු ආනයනික තෙල්වල දැඩි හිඟයක් පවතින බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් පවසනවා.
ඔවුන් පවසන්නේ පවතින හිඟය මුල් කර ගෙන වෙළදපොළ තුළ ෆාම් ඔයිල් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 100 ක පමණ මුදලකින් ඉහළ දැමීමට ද ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බවයි.
ආනයනික තෙල් හිඟවීමත් සමගම දේශීය වෙළද පොළ තුළ පොල් තෙල් මිලද කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 100ක පමණ මුදලකින් ඉහළ ගොස් ඇති බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් පවසනවා.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදීද පොල්තෙල් මිල තවත් ඉහළ යා හැකි බවටයි පැවසෙන්නේ.
ආනයනික තෙල් සහ පොල් තෙල් මිල ඉහළ ගොස් ඇතත් වෙළද පොල තුළ මාළු සහ පොල් මිල තවමත් ඇත්තේ පහත අගයක බව ඔවුන්ගේ අදහසයි.
නමුත් පවතින තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය තුළ පොල් මිල ද ඉහල යා හැකි බව ව්‍යාපාරිකයින් සදහන් කළා.
ෆාම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වර්ග මෙරටට ගෙන්වනු ලබන්නේ ප්‍රධාන පෙළේ ආයතන 04 ක් විසින්.




