උත්සවය සමයේ දිය අනතුරුවලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්‍ෂක පුහුණු නිලධාරීන් 400 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විවිධ ප්‍රදේශවලට යොමුකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජල මූලාශ්‍ර, වැව් අමුණු සහ මුහුද ආශ්‍රිතව දිය නෑමේදී එම ජීවිතාරක්‍ෂක පුහුණු නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර උත්සවය සමයේ ඉතා කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙසද පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

බීමතින් රිය පදවන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.