උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ලද නිර්ණාමික දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 11 වනදා පස්වරුවේ කන්කසන්තුරේ පොලිස් ස්ථානයට එම නිර්ණාමික ඇමතුම ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

උතුරු පළාතේ පොලිස් ස්ථාන 10කට එලෙස ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට අදාළ ඇමතුම ලැබී තිබෙනවා.

අදාළ ඇමතුම ලබා දුන් පුද්ගලයා සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.