ජනාධිපති පොදු සමාව අවභාවිතයට ලක් කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන අනුව අවශ්‍ය වුවහොත් තවත් ඉහළ රාජ්‍ය නිලධාරින්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට සිදු කෙරෙන විමර්ශන අනුව මෙම සිද්ධිය තවත් සැලකිය යුතු පාර්ශවයකට දෝලනය වනු ඇති බවයි.

මීට පෙර ද පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී එය අවභාවිත වී ඇති දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙහිදී කියා සිටියා.