විපක්ෂයේ සිටින සියලු පක්ෂ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන වැරදි යෝජනාවලට එරෙහිව කටයුතු කිරීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සචිනි සීලවර්ධන - මොකක්ද මේ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආයෙ එකතු වෙනවා සමගි ජන බලවේගයත් එක්ක? ආයෙත් නැවත ප්‍රශ්න තියෙනවා... ආයෙ එකතු වෙනවා, වෙන් වෙනවා, එකතු වෙනවා... දැන් අවසානයට මොකක්ද සිද්ධ වෙන්නේ?
රාජිත සේනාරත්න මහතා - නෑ, එකතු වීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගිය සැරේ ඒකාබද්ධ වුණේ මුළු මහත් විපක්ෂය මේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ නිශ්චිත කරුණකට. දැන් අපි සාකච්ඡා කරලා යනවා ඉදිරියේදී අනිත් ප්‍රශ්නත් සමගත් ඒකාබද්ධව ක්‍රියා කිරීම සඳහා. එතකොට දැන් අපි සෙනසුරාදා යනවා මල්වතු මහනායක හාමුදුරුවෝ, එතකොට අස්ගිරිය මහනායක හිමි දෙපළම හම්බවෙන්න. එතකොට අපි ඔක්කොම එතෙන්ට යන්නෙත් ඒකාබද්ධව. ඒකට අපෙත් එක්ක ඒකාබද්ධ විපක්ෂයත් සමග සජිත්ව, එතකොට නාමල්ලාගෙ පක්ෂය, එතකොට දිලිප් වේදආරච්චිලාගේ පක්ෂය ඒ ඔක්කොම එක එකට එකතු වෙලා තමයි ඒ ක්‍රියාමාර්ගය ගන්නේ. ඉතින් ටිකෙන් ටික මුළු මහත් විපක්ෂයම එකතු වෙන තැනකට තමයි මේ ගමන් කරන්නේ.
සචිනි සීලවර්ධන - මේ එහෙම නැතුව සමගි ජන බලවේගයයි, එක්සත් ජාතික පක්ෂයයි එකතු වීමක් නෙමෙයිද මේ?
රාජිත සේනාරත්න මහතා - නෑ, ඒවා තව ඉස්සරහට ඒක පක්ෂ පක්ෂ අතර තියෙන කතාවක්නේ. ඊට අතර මුළු මහත් විපක්ෂයම එක්වෙන තත්වයක් තමයි දැන් තියෙන්නේ. ඔක්කොම ඒකාබද්ධ වෙනවා. ඉතින් එතකොට පක්ෂ දෙකක් වෙනම එක්වෙනවා වගේ නෙවෙයි, ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් මුළු මහත් විපක්ෂයම මේ එක තැනකට ගමන් කරන්නේ.
සචිනි සීලවර්ධන - පක්ෂ කියන්නේ නැත්නම් ජනතාව එළියේ ඉඳන් බැලුවාම, දැන් ඔබත් ඔය කියන විදිහට ඔක්කොම පක්ෂ ටික විපක්ෂ ටික එකතු වෙනවා නම්... එකතු වෙන්නේ බයටද?
රාජිත සේනාරත්න මහතා - නෑ, ඉතින් ඕනෑම වෙලාවක ප්‍රධාන හතුරාට විරුද්ධව අනෙකුත් සියලුම කට්ටිය එකතු වෙනවා.
සචිනි සීලවර්ධන - ආණ්ඩුව පොදු හතුරා?
රාජිත සේනාරත්න මහතා - පොදු හතුරා, ඔව්.
සචිනි සීලවර්ධන - හතුරෙක් විදිහට දකින්නේ ඇයි ආණ්ඩුව? ඒ කියන්නේ මොකක්ද...
රාජිත සේනාරත්න මහතා - දකින්න ප්‍රධානම දේ තියෙනවනේ, එකක් ආර්ථික වශයෙන්. මේ රට කඩාගෙන වැටිලා මේ මිනිස්සුන්ගේ ජීවන වියදම අද වෙනකොටත් ඉතාමත් ම දරුණු තත්වයකට පත්වෙලා, මිනිස්සුන්ට ඒ එදිනෙදා වේල හොයාගන්න බැරි තත්වයකට වැටෙන තත්වයකට. ඒවයි අනිත් එකෙන් හුඟාක් ස්ථානවල අද ව්‍යාපාරික ස්ථාන වසා දමමින් ඒවයි සේවකයින් එළියට යනවා. ඔවුන් රැකියා විරහිත තත්වයක් ඇතිවෙලා මේ ජීවන වියදමට තවත් බරක් ඇතිවෙනවා. ඉතින් ඒකටත් වඩා ඒකාධිපතිත්වය කරා යන ගමන. දැන් ඔවුන්ගේම කට්ටිය කියනවා "අපි මේක ආපහු දෙන්නේ නැහැ, අපි මේක චීන විදිහට හදනවා. එක පක්ෂයක ආණ්ඩුවක් විදිහට යනවා" කියලා. හැබැයි ඒක අපි දකිනවා ඒක තමයි දැන් විනිශ්චයකාරවරුන්ගේ දීර්ඝ කිරීම තුළ තියෙන්නේ. ඔවුන් ඒකට කියන හේතුව තමයි නඩු ඉක්මනින් ඉවර කරන්න. නඩු ඉක්මනින් ඉවර කරන්නේ කොහොමද? නඩු ඉක්මනින් ඉවර කරන්න කරන්න ඕනේ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරලානේ? විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරයි කියලා කොහොමද නඩු ප්‍රමාණයක් වැඩි වෙන්නේ?
සචිනි සීලවර්ධන - හැබැයි මේ වෙලාවේ තියෙන එක නඩු... විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න යම්කිසි කාලයක් ගතවෙනවා නම්, මේ වෙලාවේ ගන්න පුළුවන් ලේසිම ක්‍රියාමාර්ගය ඒ විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
රාජිත සේනාරත්න මහතා - නෑ, එහෙම කාලයක් ගතවෙන්නේ නැහැ. දැන් අපේ ආණ්ඩු කාලයේ අපි වැඩි කළේ? ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය දෙකටම වැඩි කළානේ අපි. අපි වැඩි කරලා අර 'Trial at Bar' කියන එක වැඩි කිරීම සඳහා හයිකෝට් එක වැඩි කරලා, අලුත් අධිකරණ හදලා ඒ ඔක්කොම කළානේ ඉතා සුළු කාලයකින්.
සචිනි සීලවර්ධන - මේ වෙනකොට මේ ආණ්ඩුව පත්වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව පර්යේෂණ ක්‍රියාත්මක වුණා ඔත්තු සේවයේ. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්මයාව අල්ලස් කොමිසම හමුවට, බැඳුම්කර අකිල විරාජ් කාරියවසම් මහත්මයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නවා. ඊළඟට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ පවුලටම විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. දැන් ඊළඟට ආණ්ඩුවට හිතයිෂී කට්ටිය කියන්නේ මේ හෙමින් දීර්ඝ ලෙසම පර්යේෂණ සිදුකරනවා, මේ මේවට බයේ තමයි මේ මුලින්ම ප්‍රධාන විපක්ෂය එකතු වෙන්නේ සහ මේ විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමට විරුද්ධව කතා කරන්නෙත් ඒක හින්දයි.
රාජිත සේනාරත්න මහතා - නෑ, දැන් මේ වැඩපිළිවෙළ ඉස්සෙල්ලා බලන්න ඕනනේ ඒක දූෂණ විරෝධී වැඩපිළිවෙළක්ද කියලා. දූෂණ චෝදනාවක් තියෙනවා, ඒකට විමර්ශනය කරලා ඒකට නඩු පැවරීම එක කතාවක්. ඉතින් එහෙමනම් ඒක සියලු කට්ටියට අදාළ වෙන්න එපැයි. දූෂණය කරපු හැමදෙනාටම අදාළ වෙන්න ඕනේ. එතකොට ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා "අපිට ලැබුණා ජන වරම" කියලා. ජන වරම ලැබුණේ එක කට්ටියකට විතරක් දූෂණය අයින් කරන්න බැහැනේ. එතකොට පවතින ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරයාගේ ඉඳලා තියෙන තත්වය? දැන් අද බැලුවොත් ඒගොල්ලන්ගේ වත්කම් බැලුවොත්, අවුරුදු දෙකහමාරක් වෙනකොට කොහොමද ඔවුන් කෝටිපතියෝ වුණේ? කොහොමද ඔවුන්ට ක්‍රිප්ටෝ කරන්සි ආවේ? මොකද ඔබ දන්නවා ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ රුපියල් වලින් ගනුදෙනු කරලා, ඊටපස්සේ ඩොලර් වලින් ගනුදෙනු කරලා, ඊටත් පස්සේ තමයි ක්‍රිප්ටෝ කරන්සි එකට යන්නේ. ඕක ලංකාවේ තාමත් තහනම්. නමුත් ඔහුගේ වත්කම් ප්‍රකාශනයේ තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. අද වෙනකල් විභාගයක් කරාද කොහොමද ක්‍රිප්ටෝ කරන්සි කරේ කියලා මේ ලංකාවේ නීති විරෝධීව? එතකොට අනෙකුත් ඇමතිවරුන්ට තියෙනවා මහල් නිවාස 2, 3 මේ කාලයේදී. එතකොට ඉතිරෙද්දී දැන් කෘෂිකර්මය භාරගත්තයි කියපු එක්කෙනාගේ තියෙනවා කෝටි ගානක්. එතකොට බැනියම, අන්ඩර්වෙයාර් එක ජැලිය දාන්න ලැජ්ජයි, හිල් තිබුණයි කියපු එක්කෙනාගේ ඒත් එහෙමයි, කෝටි ගානක්. එතකොට ඒ කෝටිපතියෝ වුණේ කොහොමද කියලා හොයන්නේ නැතුව, විපක්ෂය විතරක් එක්කහු වෙන්නේ ඒ තියෙන එක ඇත්තටම විපක්ෂයේ දේශපාලන දඩයමක්.
සචිනි සීලවර්ධන - රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත සක්‍රීය දේශපාලනයට එනවාද?
රාජිත සේනාරත්න මහතා - නැහැ, එතුමා නායකත්වය දෙනවා. දැන් ඊයේත් එතුමා ඒකාබද්ධ විපක්ෂයේ සියලුම කණ්ඩායම් ගෙනැල්ලා, සිවිල් සංවිධාන ඔක්කොම අරගෙන එතුමා වැඩපිළිවෙළ කතා කරගත්තා මේ දැන් අපි කොහොමද ඉදිරියට වැඩ කරන්නේ කියලා, මේ තියෙන මර්දනයට මුහුණ දෙන්න.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින්




