එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී එක් වුවද එම පක්ෂ සමග එක්වීමට සිය පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඊට පෙර සිය පක්ෂයට කළ යුතු කාර්යයන් බොහොමයක් ඇති බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාරිලමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කළා.