එල් නීනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක හතරකට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වී ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික්ක හතරෙහි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවයි.
"එල් නිනෝ තත්ත්වයෙන් එන බලපෑම අවම කිරීම සඳහා වෙච්ච අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කරලා තියෙනවා. ඒ අදාළ ආයතනවල ප්රධානයින් සහ නිලධාරීන්ගේ සහභාගීත්වය තියෙනවා. මේ වන විට හදාගත්තු වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වෙනකොට තියෙන තත්ත්වය සමාලෝචනය කරලා, විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි නවතම තත්ත්වය සහ ලෝකයෙන් මේ සම්බන්ධයෙන් පූර්ව කථනය කරන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරනවා මේ වෙලාවේ ආපදාවට ලක්වෙලා ඉන්න පවුල් කීයද, පානීය ජල ගැටලු ඇවිල්ලා තියෙන පවුල් කීයද, ඒ වගේම වගා හානි වෙලා තියෙන්නේ මොන දිස්ත්‍රික්කවලද, ජල මූලාශ්‍ර සිඳී යාම් තියෙන්නේ කොහෙද, මොන දිස්ත්‍රික්කවලද කියන එක වාර්තා කරනවා. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 4 ක යම් යම් තැන්වල පවුල් කීපයකට පානීය ජල ගැටලු ඇතිවෙලා තියෙනවා. ඒවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට මැදිහත් තැමින් තියෙනවා. දිස්ත්‍රික්ක කීපයක පානීය ජල ගැටලු ආවේ නැතත්, ජල මූලාශ්‍ර විශේෂයෙන්ම කුඩා වැව් හිඳී යාම නිසා වගා හානි සිදුවෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කෘෂි රක්ෂණ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා, ඔවුන්ද ඒක වාර්තා කරලා තියෙනවා..."




