රාජ්‍ය ආයතන ඊමේල් ලිපිනයන් වෙත දිගින් දිගටම තර්ජනාත්මක ඊමේල් පණිවිඩ ලැබෙන්නේ ඇයි?

මේ, ඒ පිළිබඳ කළ සොයා බැලීමක්.

රාජ්‍ය ආයතන වෙබ් අඩවි වෙත එල්ල වූ සයිබර් ප්‍රහාර, වරින් වර මතුවන මාතෘකාවක්.

එහෙත් ඉකුත් දින කිහිපයේ ඊට සමාන තවත් සිද්ධියක් වාර්තා වුණා.

ඒ, පළාත් පාලන ආයතන වෙත තර්ජනාත්මක විද්්‍යුත් පණිවිඩ ලැබීමයි.

ඉකුත් 26 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණා.

පසුව, පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු වුණේ නැහැ.

ඉකුත් 28 වනදා කටුනායක ගුවන් තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවිඩයක් ලැබී තිබුණේ දෝහා සිට කටුනායකට පැමිණි ගුවන් යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කිරීමේ සූදානමක් ඇති බවටයි.

පසුව සෝදිසි මෙහෙයුම් සිදු කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු වුණේ නැහැ.

ඉකුත් 29 වනදා යළිත් බෝම්බයක් ඇති බවට ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණේ නාවලපිටිය පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපෑලටයි.

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනාත්මක විද්්‍යුත් පණිවිඩයක් ලැබී තිබුණේ ඉකුත් 29 වනදායි. මෙම ඊමේල් පණිවිඩ දෙකම ව්‍යාජ ඒවා බවටයි පසුව ප්‍රකාශ වුණේ.

මෙලෙස සිදු වන්නේ ඇයි?

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

ඒ අනුව නෙත් නිවුස් පරික්‍ෂණවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විමසා සිටියා.

මේ, එහි ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා.

මෙවැනි සිද්ධියක් වාර්තා වුවහොත් පළමුව සිදු කළ යුත්තේ කුමක්ද?