Published
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබෙන බවට වාර්තා පලවෙනවා.
නියෝජ්‍ය මහලේකම්වරයා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න එරෙහිවයි එම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ.
පසුගියදා රැස්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒ අනුව මෙම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගැනීමට තීරණය වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ අතර වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණයක් ගෙන තිබෙනවා.



