කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් හයදෙනා අද ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරු පැදි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරුන් තිදෙනෙක්.