කදාන, වීදි මාවත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ T56 ජීව උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි.

පසුගියදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන ලද සැකකරුවෙකු රැදවුම් නියෝග මත රදවාගෙන එම කාර්යාංශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ එම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.