පසුගිය වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල්දැමූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 06වන අදියර ලබන ජූලි මස 08 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පැවසුවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පැවසුවේ එල් පී එල් තරඟාවලිය ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්වෙන බවයි. ඒ අනුව තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මාර්තු 22 වනදා පැවැත්වීමට නියමිතයි.

එල් පී එල් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

එහෙත් 2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම හේතුවෙන් තරඟාවලිය කල්දැමීමට තීරණය කෙරුණා.