Published
කළුතර, නාගොඩ, සෙන්ට්රල් හන්දිය, පැරකුම් මාවත ප්රදේශයේ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ ඉඩමේ නිවසක් ඉදිරිකිරීම සදහා සංවර්ධන කටයුත්තක් සිදු කරමින් සිටි පිරිසක් එම මෝටාර් උණ්ඩ දැක ඇති බවයි.
නිවසක් ඉදිකිරීම සදහා බේස් වළක් කපමින් සිටියදී එම මෝටාර් උණ්ඩ මතු වී ඇති බවද පොලීසිය පැවසුවා.
ඒ සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරු පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව එම ස්ථානයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සොයාගෙන ඇති මෝටාර් උණ්ඩ කලකට පෙර එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි සැක පළ කරන්නේ.



