Published
කළුතර විද්‍යාලය සංවිධාන කරන ෆියුචර් බිගින්ස් උසස් අධ්‍යාපන මාර්ගෝපදේශන ප්‍රදර්ශණය අද තුන්වන දිනටත් කළුතර උතුර පැනොරාමා හෝටල් පරීශ්‍රයේදී පැවැත්වෙනවා.
පසුගිය දින දෙක තුල අති සාර්ථකව පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් අති විශාල පිරිසක් එක් වුණා.
මෙම ප්‍රදර්ශණය හෙට දිනයෙන් නිමාවට පත්වනවා.
සති අන්ත දින දෙකක් බැවින් අද සහ හෙට විශාල පිරිසක් ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එලෙස පැමිණෙන පිරිස් සදහා සියළු පහසුකම් සූදානම් කර ඇති බවයි ප්‍රදර්ශණයේ සංවිධායක කමිටුව පවසන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ ලේකම් සහ ප්‍රදර්ශණයේ සභාපති ඉංජිනේරු මාධව ෆොන්සේකා මහතා
මෙම ප්‍රදර්ශනය සදහා මාධ්‍ය ශක්තිය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියවයි.




