Published
මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සිසුන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව පසුගිය කාලය පුරා සුවිශේෂී අවස්ථාවන් රැසක් උදා කර දුන්නා.
සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි නෙත් නිවුස් උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව, දක්ෂතා දක්වන පාසල් සිසුන්ට පසුගිය කාලසීමාව පුරා ලබා දුන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට නැවුම් පරිච්ඡේදයක් එක් කරමින්.
එවැනි සුවිශේෂී තවත් කටයුත්තක් කළුතර විද්‍යාලයේදී අද සහ හෙට යන දින දෙකේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කළුතර විද්‍යාලය සහ නෙත් එෆ් එම් එක්ව ක්‍රියාත්මක කරන එම මාධ්‍ය වැඩමුළුවේ අරමුණු පිළිබඳ කළුතර විද්‍යාලයේ විදුහල්පති එම් වයි පී පී බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.
න්‍යායාත්මක දේශනවලින් ඔබ්බට යමින් ප්‍රායෝගික මාධ්‍යකරණය පිළිබඳ පුළුල් දැනුමක් සිසුන් වෙත ලබා දීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතයි.




