ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඉදිරියේදි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී මෙරට ක්‍රීඩාලෝලීන්ට සතුටු විය හැකි ජයග්‍රහණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
එංගලන්ත තරගාවලිය සහ නවසීලන්තය හමුවේ ඊයේ ලද පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.
නවසීලන්තය සමග ඊයේ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව සහ මානසික යෝග්‍යතාව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රිඩකයින් සහ ඉදිරියට එක්වීමට නියමිත ක්‍රීඩකයින් වෙනුවෙන්ද දසුන් ශානක මෙහිදී ඉල්ලීමක් කළේ මෙලෙසයි.
නවසීලන්ත කණ්ඩායම හමුවේ ඊයේ ලද පරාජයත් සමග පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවද අහිමි වුණා.




