Published
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඒ, එම දෙපාර්තමේන්තුව හෙට (08) අලුයම 1.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, මහනුවර, මාතර, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
මෙම තද වැසි හේතුවෙන් මාර්ග සහ ජනාවාස ආශ්‍රිතව ක්ෂණික ජල ගැලීම් ඇති විය හැකි අතර, මාර්ග තෙත් වීම සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
එමෙන්ම තැනින් තැන ගල් පෙරළීම් සිදුවිය හැකි අතර, ප්‍රවාහන සේවාවන්ට ද කෙටිකාලීන බාධා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා




