Published
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කළ සත්යග්රහය 7 වන දිනටත් අද පැවැත්වෙනවා.
පසුගිය 16 වනදා පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළා.
එහිදි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සහ සත්යග්රහයේ නිරතව සිටි භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා පවසන්නේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් සිය සත්යග්රහය නතර නොකරන බවයි.
මේ අතර පසුගියදා මියගිය කාවන්තිස්ස හස්ථියාට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් සත්යග්රහය පැවැත්වෙන විහාර මහාදේවී උද්යානයේදී ඊයේ රාත්රී පැවැත්වුණා.
ඒ, බලංගොඩ කස්සප හිමියන්ගේ මූලිකත්වයෙන්.




