කෑගල්ල, කරඩුපාන ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

කෑගල්ල පොලීසිය පැවසුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් සහ දිගන සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක්.

දිගන සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවටයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව එම බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවා.