කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක හා මිනුවන්ගොඩ යන පොලිස් වසම්වල සිදු කරන ලද රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපල සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි.

ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 210ක් සමඟයි.

වයස අවුරුදු 39ක් වන සැකකරු මීරිගම, කිතුල්වල ඉහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩුවක් හා කොල්ලකන ලද රන් මාලවලට අදාල රන්ගුලි 09ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.