Published
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
බණ්ඩාර රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීයි.
ඒ, මුදල් විශුද්ධිකරන චෝදනා මතයි.




