Published
කේරළ ගංජා කිලෝග්රෑම් 271 ග්රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම ප්රදේශයේ සිදු කරන ලද වැටලීමකදී.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙක්.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර සිදු කරනු ලබනවා.




