කොහුවල, බෝධියත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා සිදුකළ වෙඩි තැබීමට අදාලව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් කළුබෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ පුද්ගලයා, ගිනි අවි ප්‍රවාහනය කළ පුද්ගලයා හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

එම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03ක්, මිලි මීටර් 09 වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදා ගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.