කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේදී අද ”‍රණවිරු උපහාර 2026”‍ උළෙල මහත් හරසරින් පැවැත්වුණා.

”‍තමාට පෙර රට”‍ යන ආදර්ශ පාඨය අනුව ගමන් කරන අභිමානවත් පාසලක් ලෙස කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ වැජබෙන්නේ හුදෙක් නාමයෙන් පමණක් ම නොව ක්‍රියාවෙන්ද එය පසක් කරමින්.

ඒ අනුව 59 වසරක් පුරාවට අභිමානවත් සෙන්පති පුතුන් රටට දායාද කරන ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ”‍රණවිරු උපහාර 2026”‍ අද සමරනු ලැබුවේ 30 වසරක කුරිරු යුද්ධයේ දී තම දිවි පිදූ ඒ අභිමානවත් රණවිරු පුතුන්ට කෙරෙන උපහාරයක් ලෙසයි.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති, මේජර් ජෙනරාල් ආදි සේනානායකයීය එච්. ඩී. එල්. එස්. පෙරේරා මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී එය පැවැත්වුණා.

මෙහි විශේෂ ආරාධිත අමුත්තා වූයේ නාවික හමුදා කොමදෝරු ධනේෂ් පත්බේරිය මහතායි.

කොළඹ ඩී ඇස් සේනානායක විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත විතාරණ සහ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුත් ආදි සේනානායකයන්ද මෙම අවස්ථාවට එක් වුණා.

ඒ, විරෝධාර රණවිරුවන්ගේ ප්‍රාණ පරිත්‍යාගය පමණක්ම නොව ඔවුන් පිළිබඳව අභීත මතකාවර්ජනයක් ද සිදු කරමින්.