කිලෝ ග්‍රෑම් 60කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු නිට්ටඹුවේදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ, නිට්ටඹුව පොලිස් වසමේ, අරලිය පටුමග, පින්නගොල්ල වත්ත ප්රදේශයේදීයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් සත්තකයේ තබාගනිමින් ප්‍රවාහනය කල පුද්ගලයකු ත්‍රීරෝද රථය ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් නොහොත් ‘කුඩු සිද්ධික්’ යන අයගේ ප්‍රධාන පෙලේ අනුගාමිකයෙකු වන, දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් ‘ලේනා’ යන අයගේ අනුගාමිකයකු වන බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 90කට අධික බවටයි පැවසෙන්නේ.




