අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේ දී සිදුකළ හදිසි වැටලීමකදීයි.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන්කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් පසු වැල්ලවත්ත පොලිස් වසමේ රංජන් විජේරත්න පාර ලිපිනයේ පිහිටි නිවසක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පරික්ෂා කර තිබෙනවා.

අදාළ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03, ග්‍රෑම් 16 ක්, ජංගම දුරකථනයක්, තරාදි 02 ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එලෙස සොයා ගැණුනු අයිස් මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන වැලිඔය ප්‍රියන්ත හා ීත්‍ ජගත් නැමති පුද්ගලයන්ගේ සමිපතමයෙකු හා ඔවුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.