ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරියක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙක්.
මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරී, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කරමින් සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.
ඔවුන්ගේ ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්රීවරු විරෝධය පළකිරීමත් සමගයි මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණේ.
ඊට හේතු වූයේ ඉකුත්දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්රියා කළ ආකාරයයි.


