Published
ගිනි අවි 02 ක් T56 උණ්ඩ, 9mm උණ්ඩ හා හෙරොයින් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කොහුවල පොලිස් වසමේ සිදු කල වැටලීමේ දියි.
එහි දී විදේශ රටක නිෂ්පාදිත අංක 23263 දරණ කානු දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවි 01ක්, T56 උණ්ඩ 05ක්, 9mm උණ්ඩ 10 ක්සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.





