Published
කඩුවෙල, වැලිවිට ප්රදේශයේදී ගිනි අවි සහ පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
එහිදී බලපත්ර නොමැති බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 02 ක් හා මැගසින් 01 ක්, මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.




