අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන් ගත් , රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ මුදල් සොරාගත් චීන ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර චීන ජාතිකයා කොළඹ කොටුවේ කැසිනෝ ශාලාවක සිටියදී අත්අඩංගුවට ගත් බවයි කටුනායක ගුවන් තොටුපොල පොලීසිය පැවසුවේ.
අදාළ ගුවන් යානයේ පැමිණෙමින් සිටි වෛද්‍යවරයා නිදි අතර රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක් සැකකරු සොරකම් කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තයේ තිබී ඇත්තේ සොරාගත් මුදලෙන් අමෙරිකානු ඩොලර් 5,900 ක් පමණයි.
ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල ඔහු කැසිනෝ ක්‍රීඩාව සදහා වැය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.




