ආපදාවෙන් හානි වූ සියලු ජනතාවට ලබාදීමට නියමිත වන්දි මුදල් දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ගොවි ජනතාවට ලබාදීමට නියමිත වන්දි මුදල් ද බෙදාදීමේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.