Published
ගොවි ජනතාවගේ ප්‍රශ්න භාවිත කරමින් බලයට ආ වත්මන් ආණ්ඩුව මේ වනවිට ගොවි ජනතාව අමතක කර ඇතැයි ජාතික ගොවි සමුළුව පවසනවා.
ඒ අනුව ගොවි ජනතාවගේ ගැටළු විසදීම පසෙකලා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවයි ජාතික ගොවි සමුළුවේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඩබ්ලිව් ඒ චමින්ද මහතා පැවසුවේ.
වලව මහවැලි ගොවි කලාපයේ ගොවීන්ගේ ඉඩම් ගැටළුවලට විසදුම් ලබාදීමට පෙර පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද අපොහොසත් වී ඇති බවද ඔහු කියාසිටියා.




