ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ චනිත්මා සිනලි සමත් වුණා.

ඒ, අවසන් 32ගේ වටයේ තරගයකදී චීන ක්‍රිඩිකා ලියු ශියි පරාජය කරමින්.

චනිත්මා සිනලි මෙම තරඟය ජයගත්තේ වට 3ට 2ක් ලෙසයි.

පළමු වටය 11 ට 9ක් ලෙස ඇය ජයගත්තා.

එහෙත් දෙවන හා තුන්වන වට දෙකම ජය ගත්තේ චීන ක්‍රිඩිකාවයි.

ඒ 6ට 11ක් සහ 3ට 11ක් ලෙසයි. ඒ අනුව එම අවස්ථාවේදී තරඟය ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගිය බවයි පෙනෙන්නට තිබුණේ.

එහෙත් නැවත ශක්තිමත්ව තරඟයට අවතීර්ණ වූ චනිත්මා හතරවන සහ පස්වන වට දෙකම ජය ගත්තා.

ඒ, ලකුණු 11ට 4ක් සහ 11ට 4ක් ලෙසයි.