ජනාධිපති අරමුදල යටතේ ප්‍රතිකාර සදහා රෝගී ළමයින්ට හිමිවන ප්‍රතිලාභ අද සිට තවත් වැඩි කෙරෙනවා.
ඒ, ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධව ආරම්භ කරන ”හෙට දිනනා ලොවකට අද සුවය සදමු” ව්‍යාපෘතිය යටතේයි.
ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් පියවනු ලබන්නේ කිසියම් රෝගියෙකුගේ ප්‍රතිකාර සදහා වැයවන මුදලින් කොටසක් පමණයි.
එහෙත් නව ව්‍යපෘතිය යටතේ ප්‍රතිලාභ ලබන රෝගියා වයස අවුරුදු 18 ට අඩු අයෙකු නම් ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදලට සමාන අතිරේක මුදලක් හෝ ප්‍රතිකාර සදහා වැයවන ඉතිරි සම්පූර්ණ මුදල යන දෙකෙන් අඩු මුදල ජනශක්ති පදනම විසින් රෝගියා වෙනුවෙන් ගෙවනු ලබනවා.
සාමාන්‍යයෙන් මෙම ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ ප්‍රතිකාරවලින් පසු දරුවන්ගේ භාරකරුවන්ටයි.
එහෙත් හදිසි ප්‍රතිකාර සහ විදේශයකදී කරනු ලබන ප්‍රතිකාර සදහා ප්‍රතිකාරවලට පෙර මුදල ගෙවනු ඇති.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී පවතින මූල්‍ය බාධාවන් ඉවත් කර දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම මෙම නව ව්‍යාපෘතියේ අරමුණ වනවා.
ජනාධිපති අරමුදල වෙත අද සිට ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ජනශක්ති පදනමෙන් මෙම අමතර මූල්‍ය සහය ලබාගැනීමට අවස්ථාව හිමිවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ සදහා ප්‍රතිලාභ වෙනුවෙන් ජනාධිපති අරමුදල වෙත අයදුම් කිරීමේදී තොරතුරු සුරක්ෂිත ලෙස ජනශක්ති පදනම වෙත ලබාදීමට අවසර දෙන ආකෘති පත්‍රය ද නිසිලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු වනවා.
කෙසේවෙතත් මූල්‍ය සහය අවශ්‍ය අය හදුනාගැනීම, තොරතුරු තහවුරු කිරීම සහ මුදල් අනුමත කිරීම තවදුරටත් සිදුකෙරෙන්නේ ජනාධිපති අරමුදල යටතේයි.




