Published
රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
එම කොමිෂන් සභාවට සාමාජිකයින් 15 දෙනෙකු ඇතුළත්.
වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැළකිල්ල්යට ගනිමින්, රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීම හා නව තාාක්ෂණික ප්රවණතා හා ගෝලීය ප්රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයක් සිදුවිය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබා ගැනීම එහි අරමුණ වනවා.




